Home » දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනඟන්න එක්වෙමු

දිනූ අයිතීන් සුරකිමින් රට ගොඩනඟන්න එක්වෙමු

-අගමැතිනිය හරිනි අමරසූරිය

by sachintha
May 1, 2025 2:05 am 0 comment

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් විකෘති මාවතක ගමන්ගත් ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුව ද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය කම්කරු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.

වැඩ කරන ජනතාව ලෙයින්, දහදියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වැනි ලෝක කම්කරු දිනය සමරමු.

හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩන පීඩන මතින් නැඟී සිටිමින්, දූෂිත දේශපාලනය මුලිනුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් සමස්ත දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩගැනීමට ගත් අභීත ව්‍යායාමයකි.

වසර ගණනාවක් පුරා මෙරට වෙළා ගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමානුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ. රාජ්‍ය, පෞද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමට ද සූදානම්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT