නිෂ්පාදනය මත පදනම් වූ ස්ථාවර හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමත් එම ක්‍රියාවලිය සඳහා සියලු දෙනා සහභාගි කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දී එහි ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් මූලික අරමුණ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මැයි දින පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි.
එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
මැයි මස 01 වැන දිනට යෙදී ඇති 139 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පළමුකොටම මාගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිමි. ලෝකවාසී වැඩ කරන ජනතාවට විශේෂ දිනයක් වූ මැයි දිනය ශ්‍රී ලාංකේය අප මෙවර සමරනු ලබන්නේ මනුෂ්‍යත්වය ඉහළින්ම ඔසවා තබමින් වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කොටගත් ආණ්ඩුවක් රාජ්‍ය බලය හොබවන මොහොතකයි.
ශ්‍රී ලාංකේය ජනතාව විසින්, වඩාත් යහපත් ජීවිතයක් ළඟා කර ගැනීම උදෙසා අනිවාර්ය වන දේශපාලන, ආර්ථික හා සමාජයේ පරිවර්තනයක් වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද අඛණ්ඩ අරගලයන් සහ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස, විශාල බලාපොරොත්තු සහිතව මහජන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව සමරනු ලබන පළමු මැයි දිනය මෙය වීම විශේෂත්වයකි.
දුලක්ෂි උඩගෙදර