Home » කොන්දේසිවිරහිතව ජනතාවට උදව් කරනවා

කොන්දේසිවිරහිතව ජනතාවට උදව් කරනවා

-මන්ත්‍රී දිලිත් ජයවීර

by sachintha
May 1, 2025 1:16 am 0 comment

ජනතාවට උදව් කිරීමට සර්ව ජනබලය කොන්දේසිවිරහිතව ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මහනුවර, තෙල්දෙණිය නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“මේ වනවිට ග්‍රාමීය මට්ටමින් රට නැවතී තිබෙනවා. එය යළි ක්‍රියාත්මක කර, රට ඉදිරියට ගෙන යෑමට පදක්කම වටා එක්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අය-වැය කතාවේදී කිව්වේ දුගී සහ අන්ත දුගී ජනතාව සියයට 70කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා. එහෙම ජනතාව හැමදාම බෙදා වෙන් කරලා ඉලක්කම් විදිහට කියන්න නම් කවුරුත් දේශපාලනය කරන්න ඕනේ නෑ.

දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද? විවේචනය කරනවාට මමත් කැමැති නෑ. අපේ ප්‍රතිපත්ති ඉන්න තැනින් ඉස්සරහට. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉන්න තැනින් ආපස්සට. තොපටත් නෑ අපටත් නෑ කියන ප්‍රතිපත්තිය. එහෙම කියලා තමයි ගෙවල්වලට ගිනි තියලා දැම්මේ. ඒ ගෙවල්වලට වන්දි අරගෙන තිබුණාටත් වඩා හොඳට හදා ගත්තා. ඒකෙන් බැට කෑවේ අහිංසක ජනතාවමයි. අපි ඒකයි කියන්නේ ජනතාව තවදුරටත් මේ බොරුවලට අහුවෙන්න එපා, මුළාවෙන්න එපා කියලා.

අපි වැඩපිළිවෙළක් ඇතිවයි ජනතාව හමුවට එන්නේ. අපේ අරමුණ ව්‍යවසායකයන් බිහි කිරීමයි. අපි ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ආරම්භ කර තිබෙනවා. එම නිසා ජනතාවගෙන් ඉල්ලන්නේ වැඩක් කළ හැකි පිරිස සමඟ එකතු වෙන්න කියලයි.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT