13
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) ඉකුත් 28 වැනිදා කතරගම පුදබිමට පැමිණියේය. ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ වැඳපුදා ගත් ඔහු රුහුණු මහා කතරගම දේවාලයට පැමිණ දේවාශීර්වාදය ලබාගත්තේය.
අනතුරුව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව නිලමේවරයා විසින් මහකොමසාරිස්වරයා වෙත සිහිවටන තිළිණයක් පිරිනමන ලදි.
ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක