සුධීරගම සුව සහන ගිලන් රථ සේවය නිකවැරටිය වෙළෙඳ සංගමයට පවරා දෙමින්
නොමිලේ සෞඛ්‍ය උපකරණ ලබාදීමේ මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව
සුධීරගම සුව සහන ගිලන් රථ සේවයට අනුබද්ධ, අසරණ රෝගීන් සඳහා නොමිලේ රෝද පුටු අත්වාරු ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබාදීමේ මධ්‍යස්ථානය සහ නිකවැරටිය නාගරික ගිනි නිවීමේ ඒකකය ආරම්භ කිරීම නිකවැරටිය පොදු පහසුකම් මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
නිකවැරටිය ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්ව පැවති ගිනි නිවීමේ ඒකකය, නිකවැරටිය එක්සත් වෙළෙඳ සංගමය විසින් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවගේද සහාය ඇතිව ස්ථාපිත කෙරිණි.
කොටවෙහෙර සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ විහාරාධිපති මහමිතව පඤ්ඤරතන හිමියන් විසින් ආරම්භ කර ඇති සුවසහන ගිලන් රථ සේවයේ දිගුවක් ලෙස රෝගීන්ට නොමිලේ සෞඛ්‍ය උපකරණ ලබාදීමේ මධ්‍යස්ථානය ඇරඹීම මෙන්ම, එම හිමියන් ඇවෑමෙන් මෙම ගිලන් රථ සේවය පවත්වා ගෙන යාම සඳහා වෙළෙඳ සංගමයට නීත්‍යනුකූලව පවරා දීමද මෙදින සිදු කෙරිණි.
කොතැනක හෝ ගින්නක් ඇතිවුණු සෑම අවස්ථාවකම එම ස්ථානයට අවශ්‍යතාව අනුව සුව සහන ගිලන් රථ සේවයද රැගෙන යාමටද මෙහිදී එකඟතාවකට එළඹුණු අතර මෙම සේවා සියල්ල නොමිලේ වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහතුන්ද, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා විජේරූප මහත්මිය, කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර, ආණ්ඩුකාර ලේකම් චන්දන වන්නිනායක යන මහතුන්ද, සෙසු ආයතන ප්‍රධානීන්ද, නිකවැරටිය වෙළෙඳ සංගමයේ නිලධාරින් හා සාමාජිකයින් ද එක්ව සිටියහ. සුධීරගම ශ්‍රී ජිනරතන සඳහම් සෙවණ සහ නිකවැරටිය වෙළෙඳ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
නිකවැරටිය – ගයන්දි පමෝධා