Home » මාවුස්සාකැලේ ජලාශයේ ගන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක්

මාවුස්සාකැලේ ජලාශයේ ගන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක්

by sachintha
May 1, 2025 1:30 am 0 comment

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රදේශවාසීන්, ඇතැම් ශ්‍රීපාද වන්දනාකරුවන් සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව මුදා හැර තිබූ ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු ගන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් පෙරේදා (29) එම ජලාශයේ සහ ජලාශය අවට සිදු විය.

ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෝමවංශ ඉලුක්තැන්න මහතාගේ අධීක්ෂණය යටතේ කැනියොන් ජල විදුලි බලාගාරයේ සේවක සුභසාධක සංගමය, මස්කෙළිය ප්‍රාදේශීය සභාව, මාවුස්සාකැලේ ජලාශය භාර නාවික හමුදාවේ නිලධාරින් සහ මාවුස්සාකැලේ ජලාශයේ ධීවර ප්‍රජාව එක්ව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මෙම පරිසර වැඩසටහන දියත් කරනු ලැබූහ.

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා නල්ලතන්නි මෝහිනී ඇල්ල, සීත ගඟුල, මරේ දිය ඇල්ල සහ ගාඩ්මෝර් දියඇල්ල අවට බැහැර කර තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ගන අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු ජලාශය අවට ඉවුරුවල තැම්පත් වී තිබූ ගන අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබුවා.

ශ්‍රීපාද වන්දනා සමය අවසන් වීමට ආසන්නව තිබියදී සහ මාවුස්සාකැලේ ජල මට්ටම අඩුව පවතින අවස්ථාවේ මෙම පරිසර වැඩසටහන සිදු කළ බවත්, මෙයට සමගාමීව යළිත් වරක් මාවුස්සාකැලේ ජලාශයේ සහ කාසල්රි ජලාශයේද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනක් දියත් කරන බවයි ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා තවදුරටත් පවසා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT