බදුල්ල හා ඒ අවට ප්‍රදේශ වෙත ඉකුත් 28 වැනිදා සවස ඇදහැළුණු මහ වැසි හේතුවෙන් රොන් මඩවලින් අවහිරවූ බදුල්ල කණුපැලැල්ල ප්‍රධාන මාර්ගය පෙරේදා (29) උදෑසන මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යථා තත්ත්වයට පත් කර අත.
පැවැති ධාරානිපාත වැසි හේතුවෙන් බදුල්ල කණුපැලැල්ල ප්‍රධාන මාර්ගයේ කණුපැලැල්ල, ගජනායක මාවත අසල බෝක්කුව සහ ශ්‍රී සර්විස් බෝක්කුව අවහිර වූ අතර ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගය මඩ සහ අපද්‍රව්‍යවලින් පිරීම හේතුවෙන් වාහන සහ සාමාන්‍ය ගමනාගමනයට බාධා එල්ලවිය.
මාර්ග අවහිරතාව විසඳීම සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මාර්ග සංවර්ධන අධිකාරියට මෙන්ම බදුල්ල ප්‍රාදේශීය ලේකම්, ඇතුළු නිලධාරීන්ට ප්‍රදේශවාසීහු සිය ස්තූතිය පළකර සිටියහ.
මීගහකිවුල සමූහ – එන්. නවරත්න