Home » ‘ලියෝ’ සමාජයේ සිසු සිසුවියෝ වැවේ රොන්මඩ ඉවත් කරති

‘ලියෝ’ සමාජයේ සිසු සිසුවියෝ වැවේ රොන්මඩ ඉවත් කරති

by sachintha
May 1, 2025 1:31 am 0 comment

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර 49ක් පැරණි විල්ගමුව වැව විල්ගමුව ගොවිජන සේවා කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ‘ලියෝ’ සමාජයේ සිසු සිසුවියන් එක්ව පාසි ඇතුළු රොන්මඩ ඉවත් කරමින් වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක ඉකුත් 27 වැනිදා නිරත විය. පාසි ඇතුළු රොන්මඩ ඉවත් කිරීම නිසා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් ඉතිරිකර දීමට සමත් වූහ.

විල්ගමුව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි මධුරංග මහතාගේ උපදෙස් මත කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි නිමල් ගුණරත්න ‘ලියෝ’ සමාජ හරිත ධරණි අධ්‍යක්ෂ තෙනුර ගිම්හාන් මහතාගේ උපදෙස් මත තරුෂ් සේනසිංහ මහතා සමඟ මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසු සිසුවියන් 25 දෙනෙකු විල්ගමුව පරණ වැව රොන්මඩ ඉවත් කිරීමට සහභාහි වූහ.

දෙහිඅත්තකණ්ඩිය – සම්පත් රණතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT