ඉකුත් 25 වැනිදාට යෙදී තිබුණු ලෝක මැලේරියා දිනයට සමගාමීව කෑගල්ල ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකකයේ සංවිධානත්වයෙන් ‘යළිත් එපා මැලේරියා’ “මැලේරියාවෙන් තොර ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු.” යන්න තේමාව මුල්කරගෙන මැලේරියාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් පෙරේදා (29) පෙරවරු 9.00ට කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කෙරිණ.
කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය නිදර්ශනී පෙරියෂාමි මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්වූ මෙම දැනුම්වත් කිරීමේ පාගමන සඳහා කෑගල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය මැලේරියා මර්දන වෛද්‍ය නිලධාරි වෛද්‍ය අත්තනායක මහතා ප්‍රමුඛ මැලේරියා මර්දන ඒකකයට සම්බන්ධ දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරින් හා කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
මැෙල්රියාවෙන් තොර ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු” යන්න පෙරදැරි කරගත් බැනර් හා පෝස්ටර් අතැතිව පිරිස කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් පිටත්ව කෑගල්ල නිදහස් මාවත ඔස්සේ ගොලහැල හංදිය වෙත ගමන්කර ආපසු කාර්යාලය වෙත පැමිණීමෙන් පාගමන නිමාවට පත්විය.
රඹුක්කන උතුර සමූහ – විපුල එස්. කුමාරතුංග