වසර අසූවකට වඩා වැඩි කාලයක් වාමාංශික දේශපාලනයේ නියැළුණු දැනට සිය වැනි වියේ පසුවන අහුන්ගල්ල බැබිලමල්පොකුණ පදිංචි එල්.ජී. සිරිමන් අප්පුහාමි මහතාට උපහාර දැක්වීමේ උලෙළක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බළපිටිය ප්‍රාදේශීය සභා අපේක්ෂක එස්.නීල් ශාන්ත සහ අමිත් ඩී. තුමාර යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි සංවිධානය කරන ලද මෙම උත්සවයේ දී නාමල් රාජපක්ෂ මහතා විසින් උපහාර තිළිණය සිරිමන් අප්පුහාමි මහතාට පිළිගැන්වීය.
හිටපු රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස්, බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් වන සමන් ද සිල්වා සහ ඒ. දයාරත්න ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්