2025 පළාත් පාලන ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා සාමකාමී අයුරින් පැවැත්වීම සඳහා පොලීසියේ කාර්යභාරය පිළිබඳව දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී අදාළ පනත් හා නීතිමය තත්ත්වයන් පිළිබඳව, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ කාලසීමාව තුළ පොලීසියේ කාර්යභාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳව විශේෂයෙන් දැනුම්වත් කරන ලදි.
මේ අවස්ථාවට අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න, මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තිලකරත්න, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්.එච්.ආර්. විජය කුමාර, මාතර සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ, හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් වී.ඩී.ජේ. ලක්මාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිවරු හා පොලිස් ස්ථානාධිපතිවරු, ගාල්ල, මාතර හා හම්බන්තොට ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල සහකාර තේරීම්භාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
තෙලිජ්ජවිල සමූහ – වජිර පූජිත ගුණවර්ධන