බක්මහ උලෙළ පැවැත්වීම සඳහා එකතු කළ මුදල්වල ඉතිරි මුදලින් රෝහලට ECG යන්ත්‍රයක්, අඟල් 32 රූපවාහිනී යන්ත්‍ර දෙකක්, සී.සී.ටී.වී. කැමරා 16ක්, විසිතුරු මත්ස්‍ය ද ටැංකියක් ප්‍රදානය කිරීමට මස්කෙළිය රජයේ රෝහලේ සුබසාධක සංගමය පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මස්කෙළිය රජයේ දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන්, බක්මහ උලෙළක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා මුදල් සොයා ගැනීමට රෝහල් සුබසාධක සංගමය ටිකට් පත් අලෙවි කර තිබේ. මස්කෙළිය, නෝර්වුඩ්, දික්ඔය, බගවන්තලාව, සාමිමලේ, හැටන් ආදි නගරවල අලෙවි කළ එම ටිකට් පත්වලින් ලද ආදායම බක්මහ උලෙළ සඳහා යන වියදමට වඩා වැඩි ප්‍රමාණයක් වූ හෙයින් එම මුදලෙන් රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. රෝහල වෙත හෘදයාබාධ සහිතව පැමිණෙන රෝගීන් පරීක්ෂාව සඳහා අඩුවක්ව පැවති ECG යන්ත්‍රයක්, රෝගීන්ගේ මානසික සුවය සඳහා වාට්ටුවල සවිකිරීමට අඟල් 32 රූපවාහිනී යන්ත්‍ර දෙකක් සහ රඳවන, සුරතල් මසුන්ගෙන් සමන්විත මාලු ටැංකියක් සහ රෝහල් පරිශ්‍රයම ආරක්ෂාකාරි ප්‍රදේශයක් කිරීමට ආවේක්ෂණ කැමරා (CCTV)16 සහිත කට්ටලයක් පරිත්‍යාග කළ භාණ්ඩ අතර වේ.
එම බක්මහ උලෙළ ඉකුත් 20 වනදා දවස පුරා රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විය.
ප්‍රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් ද නොමැති නිසා කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය වෙනුවෙන් මෙවර අවුරුදු උත්සවය සංවිධානය කළ බවත් එය රෝහල් ඉතිහාසයේ දෙවන අවුරුදු උත්සවය බවත් මස්කෙළිය දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එම්.එච්.එම්. ඉර්ෂාඩ් මහතා පවසයි. රෝහලේ සිටින වෛද්‍යවරු සිව්දෙනා ම මුස්ලිම් ජාතිකයන් බව පවසන ඔහු රෝහල තුළ වසර පුරා සියලු ජාතීන්ට අදාළ සැමරුම් සිදු කරන බවත් රෝහල් කාර්ය මණ්ඩලය මහන්සියෙන් උපයන ලද මුදල් වෙනත් දෙයකට යොමු නොකර ජනතාවගේ මුදල් ජනතා සේවයට ම යෙදවීමට ඔවුන් යෝජනා කරන තරමට ආකල්ප සංවර්ධනය වීම ගැන තමා සතුටුවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
හැටන් – චන්දන ජයවීර