Home » කේරළ ගංජා එක්ක සිවුදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා එක්ක සිවුදෙනෙක් අත්අඩංගුවට

by sachintha
May 1, 2025 1:47 am 0 comment

යාපනය, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතාට බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් මඟින් පේදුරුතුඩුව මුහුදු තීරයේදී බෝට්ටු 2ක් පරීක්ෂා කර කේරළ ගංජා උර 8ක් සමඟ සැකකරුවන් සිවු දෙනකු එම බෝට්ටු දෙකද සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සක්කෝට්ටේ හා ඇන්ටනිපුරම් ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ. පසුව මෙම ගංජා පාර්සල් අඩංගු පොහොර උර පරීක්ෂා කිරීමේදී පාර්සල් 147ක් තුළ කේරළ ගංජා කිලෝ 322යි ග්‍රෑම් 860ක් අඩංගුව තිබී ඇත. මෙම සැකකරුවන් සහ ගංජා තොගය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණයෙන් රුඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කිරීම සඳහා පොලිස් නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT