Friday, May 16, 2025
Home » නර්ස් නෝනා පැදවූ රිය අඩි 60ක ප්‍රපාතයේ

නර්ස් නෝනා පැදවූ රිය අඩි 60ක ප්‍රපාතයේ

by sachintha
May 1, 2025 1:49 am 0 comment

හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා සේවයට වාර්තා කිරීම සඳහා හෙද සොයුරියක් විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක් පමණ ප්‍රපාතයකින් යුත් තේ වත්තකට පෙරළී එම හෙද සොයුරිය තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව නෝර්වුඩ් පොලීසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (30) දින උදෑසන 8.30ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් කැන්දගොල්ලවත්ත ප්‍රදේශයේදීය. පොලීසිය පැවසුවේ, ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කර යෑමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටීමට යෑමේදී හෙද සොයුරිය මෝටර් රථය තේ වත්ත දෙසට හැරවීමත් සමග මෝටර් රථය පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මෝටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.

රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT