Home » අග්බෝපුර කුකුළු ගොවිපොළක පැටවු 2,000ක් වතුරට හසුවී මැරිලා

අග්බෝපුර කුකුළු ගොවිපොළක පැටවු 2,000ක් වතුරට හසුවී මැරිලා

by sachintha
May 1, 2025 1:50 am 0 comment

කන්තලේ ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජල ගැල්මට ලක්ව කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අග්බෝපුර ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක කුකුළු පැටවුන් දෙදහසකට අධික ප්‍රමාණයක් ඊයේ (30) උදැසන මියගොස් තිබේ.

සති කිහිපයක් පමණ වයසැති මෙම කුකුළු පැටවුන් ගොවිපොළ හරහා පෙරදින ගලා ගිය ජල පහරට හසුවීමෙන් මියගිය බව කුකුළු ගොවිපොළ හිමිකාරිය වන කන්තලේ අග්බෝපුර 84 ප්‍රදේශයේ පදිංච් නයෝමි තක්ෂිලා මහත්මිය පැවසුවාය. මීට අමතරව කුකුළන් සඳහා ලබාදෙන ආහාර මලු තොගයක් ද ජලයට හසුවීමෙන් විනාශ වී ඇත.

වසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණය නොවූ ඇළ මාර්ග සහ ජල අපවහන පද්ධති නඩත්තු නොකිරීම හේතුවෙන් තම කුකුළු ගොවිපොළ හරහා ජලය ගලා යෑමෙන් මෙම තත්ත්වය උදා වූ බවත්, සතුන් මියයෑමෙන් තමන්ට ලක්ෂ පහක පමණ අලාභයක් සිදු වූ බවත් කුකුළු ගොවිපොළ හිමිකාරිය තවදුරටත් පැවසුවාය.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT