Home » ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි

ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි

by chanaka
May 2, 2025 11:10 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය චාරිකාවක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක්ද හමුවීමට නියමිත බවත් ය.

එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ව ඇත.

තවද මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තැබීමද අපේක්ෂා කරන අතර ව්‍යාපාරික ප්‍රජාව සමගද එක්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එහි සඳහන්ව තිබේ.

මෙම වසර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරෙන බැවින් වියට්නාම සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයිද මෙම සංචාරය මගින් අපේක්ෂා කරනු ඇත.

මෙම චාරිකාව සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT