පිරිසිදු හා හරිත පරිසරයක් දැයට දායාද කිරීම සඳහා වන නෙස්ලේ ලංකා ප්‍රයත්නයෙහි තවත් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්වෙමින් 2020 වසරේදී ‘පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන’ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර නිසි ආකාරයෙන්
අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුරුදු ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් විය. නෙස්ලේ ලංකාහි මෙම සුවිශේෂී වැඩසටහන හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා පාසල් තුළ කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වසරේදී පාසල් 1000ක් ආවරණය කරමින් 500,000ක පමණ සිසු සිසුවියන් පිරිසක් කසළ කළමනාකාරණය පිළිබඳ දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සඳහන් කර සිටියේ “හරිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීමේ වැදගත් පියවරක් ලෙස මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පෙන්වා දිය හැකියි. ප්ලාස්ටික් ඇසුරුම් අවම කිරීම හා ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇසුරුම් නිර්මාණය කිරීම සඳහා අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම තරුණ පරපුර තුළ නිසි අපද්‍රව්‍ය කළමනාකරණයේ වගකීම පිළිබඳව උනන්දුවක් ඇති කිරීම ඉතා වැදගත් කාර්ය භාරයක් ලෙස අප විශ්වාස කරනවා” යනුවෙනි.
මෙහිදී අදහස් එක් කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා “ප්ලාස්ටික් හේතුවෙන් ඇති වන පරිසර දූෂණය අද වන විට මෙරට ප්‍රබල පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. වගකීම් සහගත අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීම තිරසාර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් වනවා.
නෙස්ලේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර වන මෙම හවුල්කාරීත්ව වැඩසටහන තුළින් තාරුණ්‍ය තුළ හරිත භාවිතයන් පිළිබඳ පුරුදු ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඔවුන්ට නිවසෙන්ම මෙම වැඩසටහන ආරම්භ කළ හැකියි” යනුවෙන් පැවසීය.
මෙම පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ වැදගත්ම අවස්ථාව ලෙස ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිතිකර ගනිමින් චිත්‍ර තරඟයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.