පසුගියදා ඩැන්ඩෙනොං ප්‍රදර්ශනාගාරයේ පැවති මෙල්බර්න් බක්මහ උළෙල සඳහා සිය දායකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වෙත අවස්ථාව උදා විය. මෙල්බර්න් හි පැවැති උත්සව අවස්ථාවක් සඳහා P&S හි දායකත්වය ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වන අතර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රසිද්ධ දේශීය සන්නාමයක රසවත් අත්දැකීමක් සමීප කරවීමට මේ ඔස්සේ හැකියාව ලැබිණි.
සම්ප්‍රදායික රසකැවිලිවල සිට ජනප්‍රිය රස කැවිලි දක්වා පුළුල් පරාසයක විහිදුණු වඩාත් ජනප්‍රිය දේශීය ආහාර වර්ග 20කට අධික සංඛ්‍යාවක් මෙහිදී P&S කුටිය හරහා ඉදිරිපත් කර තිබුණි. .ඒ වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් සහ ඉල්ලුමක් හිමි වූ අතර පැමිණ සිටි පිරිස වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකික රසය මෙමඟින් පිළිගැන්විණි. P&S හි අධ්‍යක්ෂ අවිෂ්ක පෙරේරා මහතා සහ P&S කණ්ඩායමේ අනෙකුත් ප්‍රධාන සාමාජිකයන් රැසක්ද මෙම සුවිශේෂී අවස්ථාව සමඟ සම්බන්ධ වී සිටියහ.
මෙම උත්සව අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් අවිශ්ක පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය.“මෙල්බර්න් බක්මහ උළෙලට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ජිවත්වන අපගේ පාරිභෝගික ජනතාවගේ ආදරය හා උද්යෝගය ද අපිට හොඳින්ම දැක බලා ගැනීමට හැකියාව ලැබුණු අතර එය සැබවින්ම අපගේ හද උණුසුම් කළ සුන්දර අත්දැකීමක් වුණා.” යනුවෙන් සඳහන් කළේය.