Home » කොළඹ කොටස් හුවමාරුව XBRL වාර්තාකරණ පද්ධතිය හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුව XBRL වාර්තාකරණ පද්ධතිය හඳුන්වා දෙයි

by sachintha
May 2, 2025 1:56 am 0 comment

කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් සඳහා ජාලගත ව්‍යාපාර වාර්තාකරණ භාෂාව (eXtensible Business Reporting Language – XBRL) හඳුන්වා දීමට සුවිශේෂී පියවරක් ගෙන ඇත. ප්‍රාග්ධන වෙළඳපොළ තුළ මූල්‍ය දත්ත ඉදිරිපත් කරන අකාරය හා එම දත්ත සමාලෝචනය කොට ව්‍යාප්ත කරගන්නා ආකාරය තුළ පරිවර්තනයන් ඇතිකිරීම මෙහි අරමුණ වේ.

XBRL යනු විශේෂයෙන්ම ව්‍යාපාරවල මුල්‍ය දත්ත ඩිජිටල් ලෙස වාර්තා කිරීම සඳහා භාවිත කරන ජාත්‍යන්තර ප්‍රමිතියකි. එය ව්‍යාපාර දත්ත වාර්තා කිරීම සඳහා වන පොදු භාෂාවක් වන අතර ඒ හරහා මූල්‍ය වාර්තාකරණය සන්නිවේදනය කිරීම වඩාත් ස්ථාවර කෙරේ. XBRL දත්තවල නිවැරදිබව ඉහළ නංවන අතර, වාර්තාකරණය වඩාත් සරල කරවයි. ව්‍යාපාර, නියාමකයින්, පර්යේෂකයින්, ආයෝජකයින් සහ අනෙකුත් පාර්ශ්වයන්ට මූල්‍ය තොරතුරු වඩාත් කාර්යක්ෂමව සහ ඉක්මනින් විශ්ලේෂණය කිරීමට සහ සංසන්දනය කිරීමට ද එය උපකාරී වේ.

මෙම කටයුත්තේ මූලික අරමුණ වන්නේ අතුරු මූල්‍ය ප්‍රකාශන සහ වාර්ෂික වාර්තාවල ඇතුළත් ලැයිස්තුගත සමාගම්වල මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු XBRL වර්ගීකරණයට අනුකූල වෙමින් ඉදිරිපත් කිරීම පහසු කරලීම වන අතර වෙළඳපොළ තුළ මූල්‍ය දත්ත වේගවත් හා ඵලදායී ලෙස ව්‍යාප්ත කිරීමට මෙය උපකාරී වනු ඇත. XBRL වර්ගීකරණය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ එක්ව සංවර්ධනය කෙරෙනු ඇත.

මෙම කාර්යය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා, කොළඹ කොටස් හුවමාරුව විසින් 2025 අප්‍රේල් 9 වන දින ඉන්දියාවේ මයික්‍රොවිස්ටා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. මයික්‍රොවිස්ටා යනු XBRL පාදක කරගත් මූල්‍ය වාර්තාකරණ පද්ධති සම්බන්ධයෙන් අත්දැකීම් ඇති ඉන්දියාවේ සුප්‍රසිද්ධ අනුකූලතා සේවා සැපයුම්කරුවෙකි. බැංකු, රක්ෂණ සහ වෙනත් අංශ නියෝජනය කරන තෝරාගත් ලැයිස්තුගත සමාගම් 30ක් සඳහා කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී යෝජිත පද්ධතියේ නිරූපණයක් ඉදිරිපත් කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT