NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ගෝලීය මුලපිරීමක් වන කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය ප්‍රඥප්තිය (WE Finance Code) නිල වශයෙන් අත්සන් තැබූ බව ඉතා සාඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. මෙම ප්‍රතිඥාව මඟින් NDB බැංකුව සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි මූල්‍ය පහසුකම් ලබා දෙන, දත්ත මත පදනම් වූ සහ සාධාරණ මූල්‍ය පරිසර පද්ධතියක් පෝෂණය කිරීමට කැපවී සිටින ඉදිරිගාමී මූල්‍ය ආයතන සමූහයක් අතරට එක්වෙයි.
2023 ඔක්තෝම්බර් මස මොරොක්කෝවේ මරකෙශ්හිදි ලෝක බැංකුවේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමේ දී හඳුන්වාදෙන ලද කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය ප්‍රඥප්තිය, සේවා සපයන්නන්, නියාමන ආයතන, සංවර්ධන බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සම්පත් දායකයින් සහ පාර්ශ්වකරුවන් එකට එක් කර, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර ගොඩනැංවීමේ ශක්තිමත් වේදිකාවක් ලෙස සැලකිය හැක. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහය ඇතිව මාර්තු මස ශ්‍රී ලංකාව විසින් මෙම ප්‍රඥප්තිය ජාතික වශයෙන් සම්මත කරගත් අතර එය කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ ආර්ථික වපසරිය තුළ සුවිශේෂී පරිවර්ථනයක් සිදු කිරීමට සමත් විය.
මෙම ප්‍රඥප්තියට අත්සන් කිරීම මඟින්, නවෝත්පාදනයන් මෙහෙයවීමට, නව රැකියා නිර්මාණය කිරීමට සහ ප්‍රජාවන් නඟා සිටුවීමට කාන්තා ව්‍යවසායකයින් තුළ ඇති දක්ෂතාවය සහ හැකියාව පිළිබඳ තම විශ්වාසය NDB බැංකුව නැවත තහවුරු කර සිටියි. මේ සඳහා දායක වීම මගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, සාධාරණව සියලූදෙනාටම ව්‍යාපාර මූල්‍ය සඳහා ප්‍රවේශය සැලසීම NDB බැංකුවේ වගකීම් සහගත බැංකුකරණයක් වෙනුවෙන් ඇති පුළුල් න්‍යායපත්‍රය සමඟද සමපාත වේ.
අර්ථාන්විත ප්‍රවේශයක් සහතික කිරීම සඳහා මෙම ප්‍රඥප්තිය කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයන්හි හිමිකාරීත්වය, නායකත්වය හෝ පාලනය යන අංශයන් තුළ ඔවුන් විසින් දරණු ලබන සුවිශේෂී කාර්යභාරය හඳුනාගැනීම සහ ඒ සඳහා සහය වීමට අවශ්‍ය නිශ්චිත මඟපෙන්වීමක් සපයයි. මෙම ප්‍රවේශය හරහා මූල්‍ය විසඳුම් ලබාදීම මඟින් කාන්තාවන් හුදෙක් ව්‍යවසායිකාවක් පමණක් නොව ඔවුන් සමස්ත ආර්ථික වර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු බවට පත් කෙරෙයි.