ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම ප්‍රධාන මාර්ගවලට ආසන්නව පිහිටා ඇති බැවින් ප්‍රමාදයකින් තොරව මහජනතාවට ඖෂධ බෙදා හැරීම සහ සැපයීම පහසු කරයි.
වසර ගණනාවක් තිස්සේ උතුරු පළාතට සේවාවන් සපයන Healthguard Distribution හට කලාපයේ සුව සේවා අවශ්‍යතා සහ ආර්ථිකය වර්ධනය වී ඇති ආකාරය පිළිබඳ මනා අවබෝධයක් තිබේ. සියලු නියාමන රීතිවලට අනුකූලව යාපනයේ අලුතින් විවෘත කරන ලද මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය සැපයුම් පද්ධතිය ශක්තිමත් කිරීමටත් සේවා වැඩිදියුණු කිරීමටත් මෙන්ම කලාපයේ වඩාත් හොඳ සුව සේවාවක් සහ සංවර්ධනයක් සඳහා දිගුකාලීන කැපවීම පෙන්වීමට සමාගම ගත් එඩිතර පියවරකි.
සමාගමට දැනටමත් බස්නාහිර, මධ්‍යම, දකුණ, වයඹ, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඇත. යාපනයේ මෙම නව මධ්‍යස්ථානයත් සමඟින් Healthguard Distribution හට දැන් උතුරු පළාතේ පූර්ණ බෙදාහැරීමේ පහසුකමක් ඇති අතර එමඟින් කලාපයේ තවත් ඔසුසැල් වෙත සෘජුවම ළඟා වීමට උපකාරී වේ. මෙම පහසුකම ජාතික නියාමනයන් සපුරනු ලබන අතර NMRA හි ගුණාත්මක බෙදාහැරීමේ පිළිවෙත් සහ තවත් බොහෝ දේ අනුගමනය කරයි.
මෙම නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය වර්ග අඩි 5,000ක වපසරියකින්, පැය 24 පුරාම උෂ්ණත්වය පාලනය කරන ගබඩා පහසුකම් සහ විදුලි ජනක යන්ත්‍ර පද්ධතියකින් ද සමන්විත වේ. මෙම පහසුකම මගින් ඖෂධ ආරක්ෂිතව සහ ගුණාත්මක තත්ත්වයෙන් ගබඩා කර ඇති බව සහතික කරන අතර ඖෂධ ප්‍රමිතිගත ලෙස බෙදා හැරීමට එම කලාපයේ ඇති හැකියාව ඉහළ නංවයි. තවද මේ හරහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට සහ ආනයනකරුවන්ට රට පුරා ඔසුසැල් වෙත බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීමට Healthguard Distribution උපකාර කරයි.