Uber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවේ (2024 Sri Lanka Economic Impact Report) සඳහන් ප්‍රධාන කරුණු රැසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මෙම වාර්තාව පිළියෙල කරන ලද්දේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර්යේෂණ සමාගමක් වන Public First විසිනි.
මෙම වාර්තාවට අනුව Uber සහ Uber Eats විසින් පසුගිය වසරක කාලය තුළ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන ලද දායකත්වය රු. බිලියන 160 කට අධිකය. ශ්‍රී ලාංකිකයන්ට නම්‍යශීලී ආදායම් අවස්ථා උදාකර දෙමින් සහ සුරක්ෂිත හා සහනදායී ප්‍රවාහන පහසුකම් සලසමින්, රටේ ව්‍යාපාරවලට වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමඟ ගනුදෙනු කිරීම සඳහා Uber ලබාදුන් අත්වැල මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
පසුගිය වසර කිහිපය තුළ ජනතාව ගමන් බිමන්වල යෙදෙන ආකාරය මෙන්ම ආහාරපාන හා එදිනෙදා භාණ්ඩ ඇණවුම් කරන ආකාරය පූර්ණ වෙනසකට ලක්කිරීමට Uber සමත් වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදෙමින් සිටින මෙවන් යුගයක ගමනාගමන හා ප්‍රවාහන සේවාවන් සුරක්ෂිත හා ලාභදායී කිරීම තුළින්, රටට ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට අත්වැලක් වීමට Uber සමාගමට හැකි වී තිබේ. 2015 වසරේදී මෙරට තුළ සිය සේවාවන් ආරම්භ කළ Uber, එදා පටන්ම රියදුරන් සහ ප්‍රවාහන සේවා සපයන්නන් දහස් ගණනකට ආදායම් මාර්ග රාශියක් උදාකර දී ඇත. 2024 වසරේදී, ආර්ථික වශයෙන් තමන්ට තිබූ මීළඟ විකල්පයට සාපේක්ෂව 24%ක වැඩි ආදායමක් Uber සේවාවන් හරහා ඉපයීමට මෙම රියදුරන් සහ ප්‍රවාහන සේවා සපයන්නන් සමත් වී තිබේ.
ආර්ථික අභියෝග හමුවේ තම පවුල්වලට ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් ඉපයීමට තමන්ට හැකි වූ බව ඒ අතරින් සෑම 10 දෙනෙකුගෙන්ම 7 දෙනෙකු පැවසූ අතර, එමගින් තමන්ට මූල්‍යමය ස්ථාවරත්වය පිළිබඳ හැඟීමක් ඇති වූ බව 60% ක් පැවසූහ. Uber මෙරට දෛනික ආදායම් උපයන්නන්ට විශ්වාසනීය ආර්ථික සහකරුවෙකු බවට පත් වී ඇති බව මින් පෙනී යයි. මෙම මූලික ආර්ථික ක්‍රියාවලියෙන් ඔබ්බට යමින් Uber සැම දෙනාටමට ප්‍රතිලාභ හිමි වන මාර්ගගත සේවා සම්ප්‍රදායක් නිර්මාණය කරමින් සිටී. මෙයට එදිනෙදා ගමනාගමනයේ යෙදෙන සාමාන්‍ය මඟින් මෙන්ම විශ්වාසනීය ප්‍රවාහන මාධ්‍යයන් සොයන සංචාරකයන්ද ඇතුළත්ය.