Home » ඉන්දියාවත් පාකිස්තානයත් යුද අභ්‍යාස අරඹයි

ඉන්දියාවත් පාකිස්තානයත් යුද අභ්‍යාස අරඹයි

අරාබි මුහුදේ යුද නැව් සීරුවෙන්

by sachintha
May 2, 2025 1:00 am 0 comment

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද උණුසුම වර්ධනය වෙද්දී දෙරටේ හමුදා යුද අභ්‍යාස ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අරාබි මුහුදේ යුද නැව් ස්ථාපිත කරමින් නාවික හමුදා අභ්‍යාසයක් ඉන්දියාව විසින් සිදුකර ඇතැයි ද, පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර් කලාපයේ පාකිස්තාන යුද හමුදාව අභ්‍යාසයක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අරාබි මුහුද කේන්ද්‍ර කරමින් ඉන්දීය නාවික හමුදාව සිදු කළ අභ්‍යාසමාලාවේදී මිසයිල කිහිපයක් ද භාවිත කර ඇති බවත්, ඕනෑම ආකාරයක යුද ක්‍රියාමාර්ගයක් සඳහා ඉන්දීය යුද නැව් සීරුවෙන් තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය නාවික හමුදාව යුද අභ්‍යාස සිදු කරන ස්ථානයේ සිට අරාබි මුහුදේ නාවික සැතපුම් 85ක් දුරින් පාකිස්තාන නාවික හමුදාව ද අභ්‍යාසයක නිරතව සිටින බවත් වාර්තා වේ. එරට පාලනය යටතේ පවතින කාශ්මීර් කලාපයේ මහපරිමාණයේ යුද අභ්‍යාසමාලාවක් ද පාකිස්තාන යුද හමුදාව විසින් සිදු කරනු ලැබූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT