මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමීව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ පාකිස්තාන යුද හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir මහතා අතර පසුගියදා (29) සාකච්ඡාවක් පැවැත්විණි.
ආරක්‍ෂක ලේකම්වරයා සමඟ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.
ආරක්‍ෂක ලේකම්වරයා පකිස්තානයේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති Ahad Khan Cheema මහතා සමඟ ද කෙටි සාකච්ඡාවක් පැවැත්වීය. අසල්වැසි රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම මේ සාකච්ඡාවන්හිදී අවධාරණය කළ අතර කලාපීය සාමය, ආරක්‍ෂාව සහ වෙළෙඳ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ එහි කැපවීම තහවුරු කිරීමට වන දායකත්වය ද යළි තහවුරු කෙරිණි. දෙරට අතර පවතින සුහදත්වයේ සනිටුහන් කරමින් මේ සාකච්ඡාව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක් ද පැවැත්විණි.
රක්ෂණ ශ්‍රියන්ත