රුපියල් මිලියන 129කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි ග්‍රෑම් අටසිය හැටක තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් සිවු දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු මුහුදු ප්‍රදේශයේ පසුගියදා (29) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව, උතුරු නාවික විධානය වෙත ලද තොරතුරකට අනූව ශ්‍රී ලංකා නාවික උත්තර ආයතනය මඟින් නාවික හමුදා යාත්‍රා යොදවා පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මේ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ.
එහිදී එම ඩිංගි යාත්‍රාවල තිබූ කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි ග්‍රෑම් අටසිය හැටක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිවු දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසිය විසි නවයකට අධික වෙතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 49ත් අතර වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සිවුදෙනා, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත