Home » නැව් පිළිසකර කිරීම සහ ආකෘති සැකසීමට අවශ්‍ය සේවා සැපයීමට සැලසුම් CECB,CESL සහ Ceylon Dockyard PLC ආයතන එක්වෙයි

නැව් පිළිසකර කිරීම සහ ආකෘති සැකසීමට අවශ්‍ය සේවා සැපයීමට සැලසුම් CECB,CESL සහ Ceylon Dockyard PLC ආයතන එක්වෙයි

by sachintha
May 2, 2025 1:10 am 0 comment

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශය ( CECB) සහ මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම (CESL) සහ පෞද්ගලික සමාගමක් වන Ceylon Dockyard PLC සමඟ එක්ව නැව් පිළිසකර කිරීම, නැව් තැනීම, නැව් සැලසුම්කරණය, නැව් ආකෘති සැකසීමට අවශ්‍ය මිනුම් සහ අනෙකුත් සේවා සැපයීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙතෙක් විශාල විදේශ විනිමයක් වැය කර සිදු කරනු ලැබූ නැව් පිළිසකර කිරීම සහ ඒ ආශ්‍රිත සේවා CECB, CESL සහ Ceylon Dockyard PLC ආයතනය එක්ව සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙතෙක් මේ සේවා විදේශ සමාගම් මඟින් සැපයූ අතර විදේශයන් වෙත ඇදීගිය ඩොලර් මෙරටට ඉතිරි කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

නැව් සිතියම්ගත කිරීමට අතිනවීන තාක්ෂණික මැනුම් උපකරණ ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් නැවක පිළිසකර කටයුතු විද්‍යානුකූලව සිදු කිරීමට CESL ආයතනය සතුව පවතින තාක්ෂණය ඔස්සේ CECB ආයතනයේ අධීක්ෂණය සහිතව නැව් පිළිසකර කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව මේ ආයතන ත්‍රිත්වය එක්ව සිදු කරන ක්‍රියාවලිය වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය වන ‘ලස්සන රටක් – පොහොසත් ජීවිතයක්’ තේමාව යථාර්ථයක් කිරීමේ එක් පියවරක් බව පසුගියදා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ඒ.පී. ජයතිස්ස මහතා සඳහන් කළේය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT