Home » එදා තිබූ නොපනත්කම්වලට එරෙහිව ඒ.ඊ.ගුණසිංහ නැඟූ හඬ නිදහස ලබා ගැනීමේ මාවත වුණා

එදා තිබූ නොපනත්කම්වලට එරෙහිව ඒ.ඊ.ගුණසිංහ නැඟූ හඬ නිදහස ලබා ගැනීමේ මාවත වුණා

-කම්කරු නායක ඒ.ඊ.ගුණසිංහ ගුණසමරුවේදී මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි

by sachintha
May 2, 2025 1:28 am 0 comment

අධිරාජ්‍යවාදීන් විසින් මෙරට ජනතාවට හිරිහැර වන අන්දමින් මීට ශතවර්ෂයකට පෙර පනවන ලද ඇඟ බද්ද ප්‍රධාන නොපනත්කම්වලට එරෙහිව ඒ.ඊ.ගුණසිංහ කම්කරු නායකයාගේ වෑයම මෙරටට නිදහස ලබා ගැනීමට ප්‍රධාන මාර්ගයක් වූයේ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඒ.ඊ. ගුණසිංහ ගුණ සැමරුමට ඊයේ (01) එක්වෙමිනි. ඊ.ඒ.ගුණසිංහ 134 වැනි ගුණ සැමරුම මැදකොළඹ ඒ මහතාගේ පිළිරුව අසලදී ඊයේ (01) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී අජිත් පී. පෙරේරා මහතා ගුණසේන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මෙසේ ද කීවේය.

“අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කර සිරබත්කමින් ක්‍රියා කළත් කොළඹ මහ නගර සභාවේ ප්‍රථම සිංහල පුරපති ලෙස එදා සියලු ජාතීන් එකතුව ඒ.ඊ. ගුණසිංහ මහතා පත් කර ගත් බව ලේඛනවල තිබෙනවා. එදා කොළඹ මහ නගර සභා බලප්‍රදේශවල සිටි සියලු ජාතිකයන් සමගියෙන් ජීවත් වුණා. පෙර පැවති මැතිවරණවලදී ද ඔවුන් සමගියෙන් කටයුතු කළා වගේම ඉදිරියේත් ඔවුන් සමගියෙන් කටයුතු කරනු ඇති. නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් නව අපේක්ෂකයන් සිය ගණනක් පත්වෙනු ඇති.”

ඒ.ඊ.ගුණසිංහ මහතා පුරපති ලෙසත් ඊට පසුව මැතිවරණවලදී පත් වූ මන්ත්‍රීවරුන් කොළඹ මහ නගර සභාවේ දියුණුවට වැඩ කර තිබෙනවා යැයි කීවේය.

හිටපු නාගරික මන්ත්‍රී විජිත කදිරගොන්න මහතා ද අදහස් පළ කළ අතර ඒ.ඊ ගුණසිංහ මහතාගේ මිනිබිරියක් වන යස්මින් කෝඩ් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මැද කොළඹ සමූහ- ආරියරත්න ගනේගොඩ

ඡායාරූප- ශාන් රඹුක්වැල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT