මේ රටේ ජනතාවට ජීවත්වීමට සරිලන වැටුපක් දිය යුතුයි. අද ජනතාවට හරිහමන් වැටුපක් ලැබෙන්නේ නැහැ. ඔවුන් කනස්සල්ලෙන් ඉන්නවා යැයි වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ මහ ලේකම් එස්.පී. නාතන් මහතා පැවසීය.
වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ මැයි දින රැලිය කොල්ලුපිටිය, බාල තම්පො මාවතේදී පැවැත්විණි. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
අනිත් පක්ෂවල දේශපාලන වේදිකාවල වගේ අපි දේශපාලන පක්ෂ විවේචනය කරන්නේ නෑ. අපි ස්වාධීනව ඉදිරියට යා යුතුයි. රටේ දේශපාලන පක්ෂවලට මුල්තැන දෙනවා සේම වෘත්තීය සමිතිවලටත් මුල්තැන දෙන්න ඕනෑ. අනිත් පක්ෂ රට පුරාම සෙනඟ බස්වලින් ගෙන්වනවා වගේ අපේ වෘත්තීය සමිතිය මැයි දිනය සමරන්න සෙනඟ ගෙන්වන්නේ නැහැ. වැදගත්ම කාරණාව වෘත්තීය සමිතියක් විදිහට අපි ස්වාධිනව වැඩ කරන එකයි. ඉස්සර පැය 12ක් කම්කරුවෝ වැඩ කළ යුතුයි. එය පැය 8ක් දක්වා අඩු කර ගත්තේ කම්කරුවෝ හඩ නඟලා සටන් වැදිලයි. ඒ වගේම වැටුප් වැඩි කිරීමට කම්පැණි කැමැති නැහැ. ඔවුන් සේවකයාගේ වටිනාකම හඳුනන්නේ නැහැ. වැඩ කරන ජනතාව තාමත් ඉන්නේ මිත්‍යාවක හිරවෙලා. මැයි දිනය දා පඩි වැඩි කිරීමට නොවෙයි කතා කරන්න අවශ්‍ය, රටේ යන්ත්‍රණයක් හැදීම සම්බන්ධවයි. රටක දේශපාලන නොවෙයි වෙනස් කළ යුත්තේ, රට ගමන් කරන ක්‍රමයයි. මේක වෘත්තීය සමිතිවල සාමාජිකයන්ට පමණක් නොව රටේ සෑම කෙනෙකුටම වලංගුයි. සංගමයේ වැඩබලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංගල අබේවික්‍රම මහතා මෙය කම්කරුවන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින වෘත්තීය සංගමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපි කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකගන්න අයිතිවාසිකම් ගැන කතා කරන එකම සංවිධානයයි. පඩි වැඩි කරපු එක හොඳයි. ඒක එහෙම වෙන්න ඕනෑ දෙයක් යැයිද කීවේය.
වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
දුලක්ෂි උඩගෙදර
ඡායාරූප – හිරන්ත ගුණතිලක