Friday, May 2, 2025
Home » ඉන්දු-ලංකා ගිවිසුමට එදා විජේවීර විරුද්ධ වුණා
මැයි දින සැමරුම්

ඉන්දු-ලංකා ගිවිසුමට එදා විජේවීර විරුද්ධ වුණා

-දෙවැනි පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර කියයි

by sachintha
May 2, 2025 1:21 am 0 comment

ජේ.ආර්.ශූර-බුද්ධිමත් කපටි නායකයෙක් – ධර්ම ශ්‍රී කාරියවසම්

71 කැරැල්ල ගහපු අප්‍රේල් 5දා වැනි දිනකම රටට අහිතකර ගිවිසුම් ගණනාවක් රජය අත්සන් තැබූ බවත් කැරැල්ල ඉතිහාසයට එක් වූ දිනකම මේ ගිවිසුම් ද අත්සන් තැබීම හාස්‍යයට කරුණක් බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව කීවේ, දෙවැනි පරපුර මැයි දිනය වෙනුවෙන් සංවිධාන කරන ලද රැලියට එක් වෙමිනි. කොළඹ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැති මේ රැලිය ඉන්දු ලංකා යටත් වීමේ ගිවිසුම්, පාවාදීමේ තරම සහ අවසන් ප්‍රතිඵලය මැයෙන් පැවැත්විණි.

එහිදී ඒ මහතා මෙසේද කීවේය. ඉන්දු ලංකා ගිවිසුමට එදා විරුද්ධ වූ රෝහණ විජේවීර සමඟ සිටි ජවිපෙ පිරිස් මේ අලුත් ගිවිසුම් ගැන දැනුම්වත් ද යන්න ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ හෘද සාක්ෂිය කොහේදැයි කියන එක මට ප්‍රශ්නයක්. අපේ මාතෘභූමිය මේ වන විට අන් කවරදාටත් වඩා ඛේදවාචකයට ලක්ව තිබෙනවා. අපේ රට ඉතිහාසය පුරා අභියෝගවලට මුහුණ දුන්නා. මේ කතා කරන්නේ ඡන්ද ඉලක්ක කරගෙන නොවෙයි. අපි බිල්ලො මවනවා කියලා කියයි. ඉන්දීය කලාපයේ බලවතා ඉන්දියාව. යුද ගැටුම් තුළ ගොඩබිම සේද මාවත ගැටුම් රැසකට මුහුණ දී තිබෙනවා. වරායක් පිහිටුවන්න, බොන්න පුළුවන් වතුර තියෙන ස්වාභාවික වරායක් තියෙන එකම දූපත් රට අපේ. ඒකයි චීනය හම්බන්තොට වරායක් හදන්නේ. අපේ රටේ පිහිටීම ඉන්දියාවට නරක විදියට පිහිටලා තියෙන්නේ. මේ නිසයි ඉතිහාසය පුරා තම යටතට ලංකාව ගන්න බලන්නේ. ඉන්දියාවෙන් ආක්‍රමණ 28ක් ආවා. ඉන් 27ක් යුද ආක්‍රමණ. කාලිංග මාඝගේ ඉඳන්ම ඉන්දියාව යුදමය වශයෙන් දෘඩ බලය යෙදුවා. මෘදු බලය යොදා ගිවිසුම් ගැහුවා. ඓතිහාසිකව ඉන්දියාවෙන් අපේ ලංකාවට ආපු විවිධ බලපෑම් හමුවේ අවසාන වශයෙන් ඉන්දියාවෙන් මේ රටට ප්‍රධානම බලපෑම 1987දි. ඉන්දියාව විසින් ලංකාවට බලහත්කාරයෙන් පරිප්පු දාලා මේ රටේ ආරක්ෂක අංශය අකර්මණ්‍ය කර මේ වගේම තමයි මේ රටේ රාජ්‍ය දණගස්වලා අත්සන් කරන්න කටයුතු කළේ. එයට විරුද්ධව අභීතව නැඟී හිටපු පරපුරක ජීවිත පූජා කළ හැටදාහක මිනිසුන්ගේ හුස්මවලින් හැදිච්ච දේශපාලන ව්‍යාපාරයකට හිමිකම් කියන නායකයෙක් මේ වෙලාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වෙලා ඉන්දෙද්දී ඉන්දියාවේ නායකයා මෝදි මහතා සමඟ මේ ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ. ඉන්දියාවේ හින්දුස්ථාන ටයිම් පුවත්පත tamil cardian website එක පැහැදිලිවම වාර්තා කරනවා මේ මොහොතේ ලංකාව සහ ඉන්දියාව ඉන්දියාවේ කවදාවත් වෙච්ච නැති ආකාරයේ වටිනා ගිවිසුම් ගණනාවක් අත්සන් කරනවා කියන එක. ඒ වගේම පැහැදිලිවම කියනවා මේ ආරක්ෂිත ගිවිසුමක් ගැන. මොකක්ද මේ ඉන්දියාව සහ ලංකාව ඓතිහාසිකව මෙතෙක් අත්සන් කර නැහැයි කියන ගිවිසුම. විධායක ජනාධිපතිවරු ගණනාවක් අත්සන් කළේ නැති ආකාරයේ, ඊට වඩා ඉදිරියට ගිය ගිවිසුමක් අත්සන් කරනවා කියන කාරණාවක් කියනවා. අපි ජනතාව හැටියට දැනගන්න කැමතියි අපි දන්නවා ඓතිහාසිකව ලංකාව ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක පිහිටලා තියෙන දූපතක්. මේ දූපතේ භූ දේශපාලන පිහිටීම ඉතාම වැදගත්. මේ රටට පිටරටින් ඇවිල්ලා කරපු බලපෑම් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා.

මේ අවස්ථාවට එක් වෙමින් ප්‍රධාන දේශනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා –

77දී එජාපය බලයට පත් වන්නේ හයෙන් පහක් අතිවිශිෂ්ට බලයක් අරගෙනයි. ජේ.ආර්. ජයවර්ධන ජනරජ ව්‍යවස්ථාව ගෙනත් බටහිර ගැති නව යටත්විජිතයක් කිරීම ශීඝ්‍රයෙන් ආරම්භ කළා. අධිරාජ්‍යවාදී ක්‍රමය නැවත වරක් ඇති කළා. යැන්කි ඩිකී අන්වර්ථ නාමය අමෙරිකානු ගැති බවට ජේ.ආර්. තහවුරු කළා.77 ව්‍යවස්ථාව ලෝක සම්ප්‍රදායට පිටින් යමින් ව්‍යවස්ථාව සම්මත කළා. ඔහු ශූර බුද්ධිමත් කපටි මෙන්ම අධිෂ්ඨානශීලි නායකයෙක්. නායකත්වයට ඔහු වසර 40ක් බලා සිටියා. ඩඩ්ලි, ජෝන් කොතලාවල නික්ම යන තෙක් පක්ෂ නායකත්වය ඔහු බලා සිටියා. පරගැති යටත්විජිත ආර්ථිකය ගෙනයෑමට ටෙලිවිෂනය හඳුන්වා දී මොළ සේදීම කළ බව මේ රටේ කවුරුත් දන්නේ නෑ. ටෙලිවිෂනය ගේන යෝජනාවට පාර්ලිමේන්තුව විරුද්ධ වුණේ ඩඩ්ලි සේනානායක. එය අවශ්‍ය නැති බව ඔහු කිව්වා. නොසිතන්නන්ගේ පරම්පරාවක් ඇති වන බවට කැමැති නැති බව ඩඩ්ලි සේනානායක එදා කිව්වා. ඒ විපාකයට අද අපි මුහුණ දෙනවා. එදා ජේ.ආර්. පැළ කරපු පැළය අද අපේ රටේ නොසිතන්නන්ගේ පරම්පරාවක් ඇති වෙලා තියෙනවා.

අසල්වැසි රටවල් සමඟ ගනුදෙනු කිරීම අපි සිතාමතා කළ යුතුයි. විපක්ෂය හඬක් නඟන්න බැරිව සිටියදී අවශ්‍ය අණපනත් ජේ.ආර්. සම්මත කළා. මීට විරුද්ධව කටයුතු කළේ එදා ජවිපෙ. 83 ජවිපෙ ක්‍රියාකාරකම් නවත්වන්න ඔහුට ඕනෑ වුණේ.

සුභාෂිණී සේනානායක

ඡායාරූප රන්ජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT