55
වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසය මෙවර මැයි දින රැලියක් හෝ පෙළපාළියක් නොපැවැත්වීමට එම පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා තීරණය කර තිබුණි.
හැටන් කොටගල පිහිටි ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී එම පක්ෂයේ මහලේකම්වරයා පක්ෂ ධජය ඔසවා ආගමික වතාවත් පවත්වා හැටන් කොටගල ශ්‍රී මුත්තු විනායගර් හින්දු කෝවිලේ පැවති විශේෂ පූජාවකටද සහභාගි වී ආශීර්වාද ලබා ගත්තේය.
මෙයට සමගාමීව වතු ආශ්‍රිත ප්‍රදේශවලට ගොස් තම සාමාජිකයන් හමුවී පොකුරු රැස්වීම් කිහිපයක් ද පැවැත්වූයේය.
හැටන් – රංජිත් රාජපක්ෂ