රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, පවසයි. බස් ගාස්තු අඩු කිරීමට මේ වෙලාවේ හැකියාවක් නැතැයි පවසන ඒ මහතා ඒ බව ජනතාව අවබෝධ කරගත යුතු යැයිද කීවේය.
බස් ගාස්තු මිල සූත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැණිව අපි කටයුතු කර නෑ. ඒ නිසා මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා.රු:12ක් අඩු කළා කියා බස්ගාස්තු අඩු කරන්න ඕනෑ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදු වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නැතැයිද හෙතෙම සඳහන් කළේය. බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපාන බවත් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇතැයි ද පැවසූ ගැමුණු විජේරත්න මහතා, බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නම් ඩීසල් මිල රු 25 – 30ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු යැයිද කියා සිටියේය. ඊයේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
සුභාෂිණී සේනානායක