Home » නිර්ධන පන්තිය ගොඩදාන න්‍යායයක් අප සතුයි

නිර්ධන පන්තිය ගොඩදාන න්‍යායයක් අප සතුයි

-සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා වරකාපොළදී කියයි

by sachintha
May 2, 2025 1:46 am 0 comment

‘‘අපි කැමති නෑ ඒ සම්ප්‍ර‍ප්පලාප දේශපාලනයට. අපි අපිට කියන්නට ඕනෑ එක දෙයයි. අපි ගෙනල්ලා තියනවා වැඩපිළිවෙළක්. ඒක මෙවර පළාත් පාලන මැතිවරණයේදී අපි ඉදිරිපත් කළා. ඒ අය වාහනයක් තියෙන එකා පයින් යවන්න හදන්නේ. මිනිහෙක් ගොඩ දානවා නම් ඒකට විදිහක් කියන්න ඕනෑ” යැයි සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ ජාත්‍යන්තර කම්කරු දිනය සමරා වරකාපොළ නගරයේ ඊයේ (01) පැවැති මැයි දින රැලිය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජයවීර මහතා මෙසේ ද පැවසීය.

‘‘අපි කියන්නේ මේ රටේ නිර්ධන පන්තිය තමයි මේ රටේ සැබෑ හයිය. ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ හයිය ඒ ගොල්ලන්ට අපි දෙන්න ඕන ප්‍රාග්ධනය, දැනුම, නිර්මාණශීලීත්වය, ආත්ම විශ්වාසය අපි ඒ අයට දෙන්න ඕන. එතකොට නින්දෙන් නැඟිටලා වගේ නැඟිටපල්ලා, නැඟිටපල්ලා කියන්න ඕනේ නෑ. ඔවුන්ට තියෙන හයිය උස්සලා ගන්න පරිසරයක් නිර්මාණය කරන්න ඕන. එතකොට මේ අස්වැසුම ගන්න පෝලිම්වල යන්න ඕන නෑ. අපේ මිනිස්සුන් අන්ත දුගී ජාතියක් වෙන්න ඕන මිනිස්සු නෙවෙයි. මේ පුණ්‍ය භූමියේ තියෙන සම්පත් ටික නිවැරදිව කළමනාකරණය කරගන්න, ගමේ මිනිහට ඒ ආත්ම ශක්තිය දුන්නා නම්, හයිය දුන්න නම් නැඟිටින්න පුළුවන්. සර්වජන බලය හැටියට අපි කරන්නේ ඒක. නැඟිටින්න සූදානම් කියන්න. ඔබ මේ ඇවිල්ලා ඉන්නේ මැයි පෙළපාළියකට, රැස්වීමකට නෙවෙයි. අවුරුදු දෙකක් තිස්සේ ඔබව අපි දිගින් දිගටම දැනුම්වත් කළා මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ගෙනියන්න ඕනෑ කියලා. ලෝකයේ දියුණු රටවල් වගේ හිතන්නට ඕනෑ. පරණ වැඩ නවත්තන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි පහුගිය අවුරුදු දෙකේම අපි පවත්වපු මැයි දින සැමරුම් තුළ අපේ තේමා පාඨය කරගත්තේ ව්‍යවසායකත්වය කියන එක. ඒ තුළින් ව්‍යවසායකත්ව මනස පෝෂණය කිරීම කළ හැකියි. ඒකෙන් සාම්ප්‍රදායික කම්කරුවා කියන සංකල්පයම ඉවත් කරලා දාන්න ඕනෑ. මං දැක්කා අද මම එනකොට බස්වල ගහලා තියෙනවා දම් පාටින් කොඩි දාලා චන්දෙට තව දවස් දෙකයි කියලා. අපි කියමු ඔක්කොමට මෙහෙ එන්නත් එපා ගෙයින් ගෙට යන්න කියලා. මොකද මේක සෙනඟ පෙන්නන තරගයක් නෙවෙයි නේ. ඒගොල්ලෝ ගාලුමුවදොර පුරවන්න හදනවා. අර කුසට සාගිනි වතට වැරහැලි. අද ටිල්වින් මැතිතුමා ඕක පුරවලා නැඟිටපල්ලා නැඟිටපල්ලා කියන්නයි බලාපොරොත්තුව. මොකද ඔක්කොමලා බස්වලින් දාගෙන ඇවිල්ලා විදේශීය සහෝදරයෝ දීපු සල්ලිවලින්. ඒ වගේම කොළඹ කේන්ද්‍රීය කිසිම දූෂිත රජයක් පෝෂණය නොකළ ජාවාරම්කාරයන්ගේ සල්ලි ටික ගෙනල්ලා බස්වලට සෙනඟ පටවලා. දැන් එනවා ගෝල්ෆේස්එකට. මේ රට ඉස්සරහට යයිද? දැන් නැඟිටපල්ලා නැඟිටපල්ලා කියන්නේ මොකටද? අන්න ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් අත්සන් කරලා. අහගෙන ඉන්නවා දැන් කියන්න තියෙන්නේ නැඟිටපල්ලා නැඟිටපල්ලා ඒවා හොයන්න කියන්න වෙලා තියෙන්නේ. අපි කැමති නෑ ඒ ප්‍රලාප දේශපාලනයට. අපි අපිට කියන්නට ඕනෑ එක දෙයයි. අපි ගෙනල්ලා තියනවා වැඩපිළිවෙළක්. වාහනයක් තියෙන එකා පයින් යවන්න හදන්නේ. ඒක තමා නිර්ධන පන්තික න්‍යාය. මිනිහෙක් ගොඩදාන න්‍යායක් ඕන. අපි කියන්නේ මේ රටේ නිර්ධන පන්තිය තමයි මේ රටේ සැබෑ නිර්ධන පංතිය. ගමේ මිනිහට ඒ ආත්ම ශක්තිය දුන්නා නම් හයිය දුන්න නම් නැඟිටින්න පුළුවන්. අපි ඒක කරන්නේ මේ සර්වජන බලය හැටියට නැඟිටින්න සූදානම් කියන්න කැමතියි.”

බුලත්කොහුපිටිය සමූහ – ඩබ්ලිව්. රෝහණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT