පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම සඳහා වන පනත් කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට එක්වෙමින් ඊයේ (01) ඒ මහතා මේ බව පැවසීය.
ඉකුත් අය-වැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් එයට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම මෙම පනත් කෙටුම් පතෙන් සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ සේවකයන්ට අවම මූලික වැටුපක් සකස් කිරීමත්, ක්‍රමානුකූල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම කාලානුරූපී අවශ්‍යතාවක් බව ද ඒ මහතා ඒ මහතා පෙන්වා දුන්නේය.
උපාලි කරුණාරත්න