Friday, May 2, 2025
Home » පෞද්ගලික බස් රථ 2ක් ගැටී දෙදෙනෙක් මරුට

පෞද්ගලික බස් රථ 2ක් ගැටී දෙදෙනෙක් මරුට

by sachintha
May 2, 2025 1:20 am 0 comment

පෞද්ගලික මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. මින්නේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ධීවර සංස්ථාව ඉදිරිපිටදී ඊයේ (01) සවස 5. 15ට පමණ කොළඹ සිට කදුරු‍ෙවල බලා ධාවනය වූ බස් රථයක් හා කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අනතුරට හේතුව නොසැලකිලිමත් හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම බව ද පොලීසිය පවසයි.සිදු වූ මාරක රිය අනතුරකින් බස් රථ දෙකේ ගමන් කළ මගීන් 25 දෙනකු තුවාල ලබා ඇති අතර, ඉන් 6 දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි ද පොලීසිය කියයි.

රිය අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හිඟුරක්ගොඩ රෝහලට හා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ අතර සිදුවූ රිය අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරිහු විසින් පවත්වනු ලබති.

ඇළහැර සමූහ – සරත් වෙලගෙදර, සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT