ලෝක කම්කරු දිනය සැමරීම සඳහා දේශපාලන පක්ෂ සහ ඇතැම් වෘත්තීය සමිති අගනගරයට සහ වෙනත් ස්ථානවලට ගමන් කරද්දී දඹුල්ල නගරයේ බොහෝ සැබෑ කම්කරුවෝ සේවාවන්වල නිරතවී සිටින අයුරු දැක ගැනීමට හැකි වූහ.
නියම කම්කරු ජනතාව පවසා සිටියේ, තමන් වෙනුවෙන් වෙන් කර ඇති දිනය දේශපාලකයන් විසින් අත්පත් කරගෙන ඇති බවයි. ඇතැම් කම්කරුවන් තමන්ට වෙන් වූ දිනය ගැන පවා නිසි අවබෝධයක් නොමැති බව පැවසූහ.
එමෙන්ම දඹුල්ල නගරයේදී නගරය පිරිසිදු කරන කම්කරුවන් පවසා සිටියේ, මෙදින සමරනු ලබන්නේ ලෝක කම්කරු දිනය නොව දේශපාලනඥයන්ගේ දිනයක් බවයි. එම නිසා තමන් සඳහා වෙන් වූ දිනයේ ද තමන්ට ඒවා සිදු කිරීමට නියෝග ලැබී තිබෙන බවයි. දඹුල්ල නගර මධ්‍යයෙන් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ පක්ෂවල බැනර් කොඩි ප්‍රදර්ශනය කරමින් විනෝද වෙමින් යන බස් රථවලින් පිටව යන්නට විය.
සීගිරිය විශේෂ