21
අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරානිපාත වාර්ෂාව නිසා අම්පාර කොණ්ඩුවටුවාන ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී තිබේ.
මේ දිනවල යල කන්නය සඳහා ගොවීන් වී වගා කටයුතු ආරම්භ කර ඇති අතර, පවතින වර්ෂාව නිසා ගොවීන් මහත් අපහසුතාවට පත්ව තිබේ. සමහර ගොවීන්ගේ වපුරන ලද වී වැස්සට ගසාගෙන ගොස් ඇති අතර, සමහර කුඹුරු නැවත වැපිරීමට සිදුව ඇති බව ගොවි නියෝජිතයෝ පැවසූහ. දැනට මාස අටකට පමණ පෙර ඇතිවූ ගංවතුර නිසා කුඹුරුවලට දැඩි හානි සිදුවූ අතර, ඒවාට ද නියමිත පරිදි වන්දි නොලැබීම නිසා ගොවීහු අසීරුතාවයකට පත්ව සිටිති.
දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල