Home » වලවේ ගඟ කල්තොටින් පිටාර ගලයි

වලවේ ගඟ කල්තොටින් පිටාර ගලයි

by sachintha
May 2, 2025 1:11 am 0 comment

බළන්ගොඩ ජල පෝෂක ප්‍රදේශවලට පැවැති අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟ බළන්ගොඩ කල්තොට ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් පෙරේදා (30) සවස බළන්ගොඩ කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇති වූ බව මාර්ගය භාවිත කළ ජනතාව පැවැසූහ.

බළන්ගොඩ, වලේබොඩ, නන්පේරියල්, මාරතැන්න, බෙලිහුල්ඔය, සමනල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සහ පහළ ප්‍රදේශවලට පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අධික වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම අධික ලෙස ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් බළන්ගොඩ කතරගම මාර්ගයේ කල්තොට පාලම ජලයෙන් යටවීම නිසා මෙලෙස වාහන ගමනාගමනයට බාධා ඇතිවී තිබුණි. කල්තොට ජනතාව පැවැසුවේ වසරකට පමණ පසු මෙලෙස වලවේ ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගිය බවයි.

බළන්ගොඩ

සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT