Home » ලියකියවිලි නොමැතිව කැණීම් කර ප්‍රවාහනය කළ වැලි ටිපර් තුනක් අත්අඩංගුවට

ලියකියවිලි නොමැතිව කැණීම් කර ප්‍රවාහනය කළ වැලි ටිපර් තුනක් අත්අඩංගුවට

by sachintha
May 2, 2025 1:12 am 0 comment

කල්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් අම්මාතෝට්ටම ප්‍රදේශයේ, කැණීම් බලපත්‍ර නොමැතිව නීතී විරෝධි ලෙසින් කැණීම් සිදු කොට, ප්‍රවාහන බලපත් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ වැලි ටිපර් රථ තුනක්, රියැදුරන් තිදෙනා ද සමඟින් පෙරේදා (30) සෑන්දෑවේ, කල්පිටියේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීහු සමත් වූහ.

දිගු කලක් තිස්සේ සිත් සේ සිදු කරන ලද මෙම මහා පරිමාණ, නීති විරෝධී වැලි කැණීම හේතුවෙන්, අම්මාතෝට්ටම ප්‍රදේශයේ ගැඹුරු වළවල් රැසක්ම දැකිය හැකි අතර දැනටමත් පාරිසරික ගැටලු රැසක්ම මේ හේතුවෙන් උද්ගතව ඇත. කිසිදු බාධාවකින් තොරව, දිවා රෑ දෙකේම වැලි කැපීමත්, ප්‍රවාහනයත් ජයටම සිදු කෙරෙන බවත් අදාළ බලධාරීන්ට දැනුම් දුන්න ද වැලි කැපීමේ හා ප්‍රවාහනයේ අඩුවක් නොවුණු බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා නඟති.

අත්අඩංගුවට පත් සැකකරුවන් කල්පිටියේ පදිංචි වයස අවුරුදු 40ත් 50ත් අතර අයවලුන් වෙති. පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, කඳවුර භාර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සෝමතිලක ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.

කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT