15
කම්කරු ජුසේ මුනිඳුන්ගේ මංගලෝත්සව දිව්‍ය පූජාව, හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව්මවුන්ගේ දෙව්මැදුරේදී ඊයේ (1) හංවැල්ල මීසම් සේවක පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දේව මෙහෙයෙන් අනතුරුව, කම්කරු ජනතාව තම ජීවිකාව කරගෙන යෑම සඳහා උපයෝගී කර ගන්නා යන්ත්‍ර සූත්‍ර, ලිපි ද්‍රව්‍ය සහ රථ වාහන ආසිරි ගැන්වීම පියතුමන් විසින් සිදු කෙරුණි. ඉන් අනතුරුව කම්කරු ජුසේ මුනිඳුන්ගේ ප්‍රතිමාවෙන් පැමිණ කිතුනු ජනතාව ආසිරි ගැන්වීම ද සිදු විය.
එම අවස්ථාවට හංවැල්ල මීසම් සේවක සරත් නිමල් අබේසිරිවර්ධන පියතුමන් ඇතුළු හංවැල්ල සභාවේ කිතුණු ජනතාව රැසක් ඊට සහභාගි වූහ.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ