රුහුණ විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශය මඟින් සංවිධානය කරනු ලැබූ පළමු සමාජ විද්‍යා දිනයට සමගාමී වැඩසටහන පසුගියදා (29) රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
සමාජයීය කාරණා මහ පොළොවේ යථාර්ථයක් කරන සමාජ විද්‍යා අධ්‍යයනාංශය විෂය කරුණුවලට පරිබාහිරව විද්‍යාර්ථීන් සඳහා සංස්කෘතිකාංග, පර්යේෂණාත්මක දැනුම ලබා දීම ආදිය සම්බන්ධයෙන් දරන උත්සාහය අගය කරන බව මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය පැවසුවාය.
මෙහිදී සමාජ විද්‍යා දිනය ඉදිරියටත් සෑම වර්ෂයකම පැවැත්වීමට බලාපොරොත්තු වන අතරම දැනුම සමාජගත කිරීමත්, සමාජ වෘත්තීයවේදීන් බිහිකරලීමත්, සමාජ වැඩ ලෝකයට අවශ්‍ය විද්‍යාර්ථීන් බිහිකරලීමත් මෙහි මුඛ්‍ය පරමාර්ථය වී ඇත. මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති අයි. රේණුක ප්‍රියන්ත, සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය ගයාත්‍රි විජේසුන්දර, සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.කේ.ජී. ජයසිංහ, සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එන්.වී.ජී.ඒ. හේමන්ත කුමාර යන මහත්ම මහත්මීන් හා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු