38
බිංගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව ප්‍රධාන සංවිධායක ලෙස මාධ්‍යවේදී රුචිර දිලාන් මදුසංක මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (1) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.