Home » බේරුවල මැලේරියා මර්දන දැනුම්වත් කිරීමේ පාගමනක්

බේරුවල මැලේරියා මර්දන දැනුම්වත් කිරීමේ පාගමනක්

by sachintha
May 2, 2025 1:29 am 0 comment

 

ජාතික මැලේරියා මර්දන දිනට සමගාමීව බේරුවල චීන කොටුව මැණික් අලෙවි මධ්‍යස්ථාන ප්‍රදේශය ආශ්‍රිත මැලේරියා රෝගයෙන් වැළකීම දැනුම්වත් කිරීමේ පාගමනක් පෙරේදා (30) කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කළුතර මැලේරියා වාහක රෝග මර්දන ඒකකය එක්ව සිදු කළහ.

දැනුම්වත් කිරීමේ පාගමන චීනකොටුව අල්පාසියා දේවස්ථානය අසලින් ආරම්භ කර ගමන් ගත්හ. එහිදී කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නවීන් සොයිසා මහතා ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පාගමනේ ගමන් කරමින් අත්පත්‍රිකා එම ප්‍රදේශයේ ජනතාව වන බේරුවල චීන කොටුව ප්‍රදේශයේ විශේෂයෙන් මැණික් ව්‍යාපාරික ප්‍රජාවට බෙදාදෙමින් දැනුම්වත් කළහ. පෙරේදා (30) පස්වරුවේ බේරුවලදී සිදු කළ දැනුම්වත් කිරීම පැය දෙකක පමණ කාලයක් පුරා සිදුවිය.

කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නවීන් සොයිසා, බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න, චීනකොටුව ඉස්ලාම් දේවස්ථානයේ භාරකාර මණ්ඩලය, ඇතුළු මැලේරියා මර්දන, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවල නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. මෙහිදී රුධිර සාම්පල් ලබා ගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළ අතර විශේෂයෙන් මැලේරියා රෝගය දැඩි ලෙස පැතිරෙන රටවල් වෙත නිරන්තර බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවකින් විදෙස්ගතවන ප්‍රජාව ඇතුළු ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීමේ වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක කළහ.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT