Friday, May 2, 2025
Home » වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පළමු තරගය ඉරිදා නිත්තවෙලදී

වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පළමු තරගය ඉරිදා නිත්තවෙලදී

by sachintha
May 2, 2025 2:37 am 0 comment

වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී තරගවදින පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් කිලෝග්‍රෑම් 85ට අඩු බරපන්තියේ ක්‍රීඩකයන් 28 දෙනකුගෙන් සමන්විත නවසීලන්ත රග්බි කණ්ඩායම තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

එම කණ්ඩායම සහ නයිජල් රත්වත්තගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායම අතර පළමු තරගය අනිද්දා (4) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය ලබන 10 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකධාර මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

ලොව ප්‍රබලතම රග්බි කණ්ඩායම ලෙස සැලකෙන නවසීලන්තයේ ඕල්බ්ලැක්ස් කණ්ඩායමට නොදෙවැනි ආකාරයේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනකු ද ඇතුළත් වෙති. ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන එම තරග ද්විත්වය ඉලක්ක කරමින් සුදත් සම්පත්ගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික රග්බි තේරීම් කමිටුව දස්කම් සපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කළ අතර, අන්තර් සමාජ ලීග් තරගාවලියේ සහ මැලේසියාවට එරෙහිව පැවති තරගයේදී කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෝ රැසක් ඊට ඇතුළත් වෙති.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT