Home » අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි

අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි

by chanaka
May 3, 2025 6:38 am 0 comment

අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ පිළිබද
සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනක දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති හරහා බවයි.

එසේම රටේ ජනාධිපතිවරයා ලෙස තමන් එය දැනගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව තමා එය දැනගැනීම අපරාධයක් නම්, නීති විශාරදයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතාට නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් ද පවතින බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT