ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය යළි විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ.
විපක්ෂ ලිබරල් ජාතික සන්ධානය දැඩි පසුබෑමකට ලක් වූ අතර, එහි නායක පීටර් ඩටන් නිල වශයෙන් පරාජය පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී මිලියන 18 ක ජනයා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටියේය.
ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන මෙවර මැතිවරණයේදී එරට තරුණ ප්‍රජාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් තීරණාත්මක බව, දේශපාලන විශ්ලේෂකයින් පවසිය.
මැතිවරණ ව්‍යාපාරයේදී ප්රමුඛ මාතෘකා බවට පත්ව තිබුණේ, ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම, නිවාස ගැටලු සහ බිඳවැටෙමින් පවතින මහජන සෞඛ්‍ය සේවා යනාදී කරුණුය.
මෙවර මැතිවරණයට වාමාංශික ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂය නියෝජනය කරමින් වත්මන් අගමැති ඇන්තනි ඇල්බනීස් සහ එරට කොන්සවේටිව් ලිබරල් ජාතික සන්ධානය නියෝජනය කරමින් පීටර් ඩටන් ප්‍රධාන ආපේක්ෂකයින් දෙදෙනා ලෙස තරග වැදුණි.