Home » ලොව ප්‍රසිද්ධම චිමිනිය සවි කරයි

ලොව ප්‍රසිද්ධම චිමිනිය සවි කරයි

by chanaka
May 3, 2025 7:00 am 0 comment

වතිකානයේ සිස්ටීන් දෙව් මැදුරේ වහලය මත ලොව ප්‍රසිද්ධම චිමිනිය සවිකිරීමේ කටයුතු ආරම්භ කළ බව වතිකානය නිවේදනය කර යි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වැනිදා පැවැත්වේ.

එහිදී නව පාප්වරයෙකු තේරී පත් වී ඇත්දැයි නිවේදනය කරන දුම දැකීමට සියලු දෙනාගේම ඇස් යොමු වන්නේ මේ චිමිනිය දෙසටය.

මැයි 7 වන දින පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වන විට, සිස්ටීන් දේවස්ථානය මේවන විට වසා දමා ඇති අතර එහි පාප්වරණය වෙනුවෙන් අවශ්‍ය දෑ කාර්ය මණ්ඩලය විසින් සූදානම් කරමින් පවතී.

මෙවර පාප්වරණය සඳහා කාදිනල්වරුන් 135ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා ඇත.
වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.

එමෙන්ම පාප්වරයා තෝරාගැනීමෙන් පසු කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකාව ගිනි තබා විනාශ කිරීම සිදු කරනු ලබන අතර බාහිර ලෝකය පාප්වරයෙකු තෝරාගත් බව දැනුවත් වන්නේ ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙනි.
ඒ අනුව සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංකේතවත් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT