සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් හට නවක වදය ලබාදීමේ සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රෙල් 29 වැනිදා සමනල වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්
ලැබී ඇත.
ඒ අනුව ඊයේ (02) දින සමනල වැව පොලිස් ස්ථානය මගින් නවක වදයට ලක් වූ එම විශ්ව විද්යාලයේසිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
අද (03) දින වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝග පරිදි මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතභාරදී ඇත.
පසුගියදා සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු වු චරිත් දිල්ෂාන් නමැති සිසුවා සිය දිවි හානිකරගත් අතර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ වද හින්සාවට ලක්වීමෙන් සිත් තැවුලට පත්ව මෙලෙස සිය දිවි හානිකර ගත බවට චෝදනා එල්ල විය.