Home » පොහොර සිද්ධියක් ගැන චාම‍රගෙන් පැය 04ක ප්‍රකාශයක්

පොහොර සිද්ධියක් ගැන චාම‍රගෙන් පැය 04ක ප්‍රකාශයක්

by chanaka
May 3, 2025 9:22 pm 0 comment

බදුල්ල බන්ධනාගාරයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අද (03) දිනයේදී ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් එම කොට්ඨාසය විසින් පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

ලංකා පොස්පේට් සමාගම මගින් 2023-2024 කාලසීමාව තුළ රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන්, රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව එම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පෙස්පේට් මෙට්‍රික් ටොන් 29,982 ක් D.M Traders, Disaru International, Ichiban යන පුද්ගලික සමාගම් තුනකට අපනයනය සඳහා අලෙවි කර ඇති බව, ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඉහත සමාගම් වෙත ඇණවුම් ලබාදීමට නියම කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බවට ප්‍රකාශ මගින් අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳව සහ ඉහත global projects සමාගම සමග ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශ නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙන බව සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT