205
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.
ඒ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුවය.
නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.