Home » ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි

ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි

by yasara
May 4, 2025 3:34 pm 0 comment

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබෙයි.

එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවයි වියට්නාම මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතයි.

හෝ චී මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වන අතර එහි ප්‍රධාන දේශනය ද පැවැත්වීමට නියමිත වෙයි

සංචාරය අතරතුර දෙපාර්ශවය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT